තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ නිෂ්පාදන ආයතනයක ගබඩාවේ ගබඩා කර තිබු කසල තේ තොගයක් සොරකම් කල සැකකරුවන් හත්දෙනෙකු ආගරපතන පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තේ කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙකු, තේ නිෂ්පාදන ආයතනයේ අධික්ෂණ නිලධාරියෙකු,කම්කරුවන් දෙදෙනෙකු, කසල තේ ප්‍රවාහනය කල ලොරි රථයේ අයිතිකරු සහ රියදුරු අත්අඩංගුවට ගත් බවයි ආගරපතන පොලීසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එච්.පාලිත නන්දසිරි මහතා කියා සිටියේ.

ඊයේ දින තේ කර්මාන්ත ශාලාවේ කසල තේ ගබඩා අංගණයේ කසල තේ කිලෝ 1500 ක් අස්ථානගත වි ඇති බවට එම තේ නිෂ්පාදන ආයතනයේ පාලන අධිකාරිය විසින් ආගරපතන පොලිසියට කල පැමිණිල්ලක් මත ආගරපතන පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දින රාත්‍රියේ ගම්පොල බූවැල්ල ප්‍රදේශයෙන් ආගරපතන දක්වා පැමිණි ලොරි රථයක් තේ නිෂ්පාදන ආයතනයට ඇතුලත් කර කසල තේ තොගය පටවා රැගෙන ගොස් ඇති බවත්, ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනා මුලින්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි කසල තේ සොරකමට සහය දැක්වු පිරිස සහ කසල තේ තොගය රැගෙන ගිය ස්ථානය අනාවරණය කරගත් බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ආරක්ෂක අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරු මත ගම්පොල ප්‍රදේශයට ගොස් කසල තේ තොගය සහ කසල තේ ප්‍රවාහනය කල ලොරි රථයද පොලිස් අත්අඩංගුවට ගත් බවත්ල සැකකරුවන් හෙට දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවේ.

නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක හක්මණ ල සහකාර පොලිස් අධිකාරි 03 මාණියම්ගම්මන යන මහතුන්ගේ උපදෙස් මත ආගරපතන පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්ගඑච්ගපාලිත නන්දසිරි මහතා ඇතුළු ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

WhatsApp Group

Skip to content