කලා වැවේ ජල මට්ටම යළි ඉහළ යාම හේතුවෙන් එහි හදිසි වාන් දොරටු දෙක යළිත් විවෘත කර තිබෙනවා.

මේ දිනවල කලා වැව ආශ්‍රීත ජල පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි හේතුවෙන් කලා වැවේ ජල මට්ටම යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් අද උදෑසන 8.30ට පමණ විවෘත කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවන් පවසන්නේ.
ඉන් තත්පරයට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරෙනවා.

එම නිසා ජලාශයෙන් පහළ කොටසේ කලා වැව භාවිත කරන පුද්ගලයන් සැලකිලිමත් වන ලෙසටද ඉල්ලා සිටිනවා.

 

WhatsApp Group

Skip to content