කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පිපිරීම එම කඳවුරේ පිහිටි බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදී සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළා.

එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙක්.

මෙහිදී මෙම පිපිරීම හේතුවෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වනවා.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content