කලවාන නගරයේ වාහන අලුත්වැඩියා කරන ආයතනයක් අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ගොණගලකන්ද ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.

බහින් බස් වීමක් දුර දිග යාම මෙම ඝාතනයට හේතුව වී ඇති බවයි කලවාන පොලිසිය පවසන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content