කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළයක් පුපුරා ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයකදී මෝටර් රථයක් ජලනලයේ වැදී අනතුරට ලක්වීමත් සමඟ එම නලය පුපුරා ගොස් තිබෙනවා.

මේ අතර මෝටර් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අදළ මෝටර් රථයේ හිමිකරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදි රියදුරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content