ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල තුල අලුතෙන් ඉදිකරණු ලැබු ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනිමට නොහැකි තත්වයක් උදාවි තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහල සදහා වෛද්‍යවරු 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු පමණයි.

වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේ දි ගැටළු ඇතිවි තිබෙන අතර මෙම තත්වය නිසා රෝගින්ද දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට පත්ව තිබෙනවා.

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම්. රංග මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදිම මෙම තත්වයට හේතුව බවයි.

තව දුරටත් වෛද්‍යවරයා කියා සිටියේ  ඉල්ලන වෛද්‍යවරු සංඛ්‍යාව අමාත්‍යංශය මගින් ලබා නොදෙන නිසාත්, එමෙන්ම විභාග සමත්වෙලා ඇතැම් වෛද්‍යවරු විදේශගත විම නිසාත්, අලුතෙන් ඉදිකොට ඇති ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරිමට නොහැකි බවයි.

ඇතැම් අංශවලද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් තිබුණත් එය එතරම් බලපැමක් නැති බව වෛද්‍යවරයා තව දුරටත්  කියා සිටියා .

WhatsApp Group

Skip to content