ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීම හා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පසුගියදා ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තැබිය.

මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය වෙනුවෙන් එහි සභාපතිනි සසිකා ද සිල්වා මහත්මිය අත්සන් කරනු ලැබීය.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය යථාර්තයක් කිරීමට නම්, ව්‍යවසායකත්ව සමාජයතුළ වැඩි ඉඩකඩක් හිමිව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් මේවන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දියත් කරතිබෙන බවත්, ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ සහයෝගය ප්‍රායෝගිකවම, ක්‍රියාශීලීව, අවශ්‍ය වන බැවින් ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායක සංසදය සමඟ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ගිවිසුම් ගතවීම සුවිශේෂී අවස්ථාවක් වන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා එහිදී පැවසීය.

WhatsApp Group

Skip to content