කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදාතා යන ආයතන සමඟ එක්ව මෙම මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි.

reg.industry.gov.lk යන දිගුව හරහා දිවයින පුරා විසිරී සිටින නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත, කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේ හැකියාව ලැබෙයි. රජය විසින් ලබාදෙන මූල්‍යමය සේවා, තාක්ෂණික සේවා, කළමනාකරන සේවා ආදී පහසුකම් ලබා ගැනීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ මෙම ලියාපදිංචි සහතිකය අනිවාර්ය වේ.

WhatsApp Group

Skip to content