පකිස්තානයේ කයිබර් දිස්ත්‍රික්කයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

එම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය, රජයේ ගොඩනැගිලි සහ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය පිහිටා ඇති පරිශ්‍රයට පුද්ගලයින් දෙදෙනෙකු අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබෙනවා.

එහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයින් දෙදෙනා පරීක්ෂා කිරීමේදි බෝම්බය පුපුරා ගොස් ඇතැයි සඳහන්.
ප්‍රහාරය සඳහා පැමිණ ත්‍රස්ත සාමාජිකයින් දෙදෙනා ද එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content