ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් තිදෙනා අතරට ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ද ඇතුලත්ව තිබෙනවා.

ඔවුන් සමග සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්.

පසුගිය මස අවසන් වූ නවසීලන්ත-ශ්‍රී ලංකා සහ එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි වලදී දැක්වූ දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස ෂක්‍ක්‍ සැප්තැම්බර් මස ක්‍රීඩකයා සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

කමිදු මෙන්ඩිස් සැප්තැම්බර් මාසය තුළ ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 451ක් ලබා ගනිමින් 90.20ක සාමාන්‍යයක් ලබාගත්තා.

ප්‍රභාත් ජයසූරිය එම මාසය තුළ එංගලන්ත හා නවසීලන්ත ටෙස්ට් තරගාවලි වලට ක්‍රීඩා කරමින් කඩුලු 21 දවාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content