අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහභාගි වූ ජනාධිපතිවරණ විවාදය ඊයේ (10) පැවැත්වුණි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි විවාදය එය වූ අතර, එහි පළමු විවාදයට එක්වූයේ එවක ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්වය දැරු වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ය.

මෙය කමලා හැරිස්ගේ පළමු ජනාධිපතිවරණ විවාදයයි.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන විවාදයේ ප්‍රධාන මාතෘකා වූයේ අමෙරිකානු ආර්ථිකය, බදු, සුබසාධන කටයුතු මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වැනි කරුණුය.

ඊට අමතරව අපේක්ෂකයින් දෙදෙනාම එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ලකරගන්නා ආකාරයත් එහිදී දක්නට ලැබුණි.

WhatsApp Group

Skip to content