කඵතර ප්‍රධාන බස්නැවතුම්පල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි අප වාර්තාකරු පවසනවා.

ජනඅරගල ව්‍යාපාරය කඵතර බස්නැවතුම්පළ ඉදිරිපිට සිදු කිරීමට නියමිත විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අනුව 50 කට අධික කාන්තා පොලිස් නිලධාරිනියන් ද සමගින් පොලිස් කණ්ඩායම් කිහිපයක් කඵතර නගරයේ ස්ථාන කිහිපයක යොදවා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content