දුරකථනයෙන් බැන මරණ තර්ජනය කරමින් කප්පම් ලබා ගත් සහ ඊට අනුබලදුන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු බෙලිඅත්ත, තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ලැබී තිබු පැමිණිලි 05ක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරියන් අවරුදු 25, 33 සහ 65 යන වයස් වල පසුවන තංගල්ල, ගාල්ල හා බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් අවුරුදු 26 සහ 30 යන වයස්වල පසුවන සූරියවැව සහ තංගල්ල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා.

මෙම පුද්ගලයන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content