කෙන්යාවේ නයිරෝබි නුවර පැවති විරෝධතාවයක් අතරතුර පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් ළමුන් 53 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙම ළමුන් රෝහල්ගත කරන අවස්ථාවේ සිහිසුන්ව සිට ඇති අතර, පසුව ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජීවන වියදම ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එරට විපක්ෂය විසින් මෙම විරෝධය ආරම්භ කර තිබුණා.

මෙම විරෝධය මාරාන්තික මුහුණුවරක් ගෙන ඇති අතර, එහිදී පොලීසිය සමග ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content