කඳාන ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු සතුව තිබී T 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 45ක් සහ මැගසින් දෙකක් එහිදී විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇති බවයි.

ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චූටි මල්ලි නමැති සැකකරු කප්පම් ඉල්ලා මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

ඒ අනුව ගිනි අවිය පමුණුගම පිහිටි චූටි මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නිවසේ සඟවා තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content