මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ නම ‘‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර ඇති බව අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් දක්වා තිබේ.

මේ පිළිබඳව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩී. ඩී.යූ. කේ. සෙනෙවිආරච්චි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්. එස්. සෝමරත්න වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

WhatsApp Group

Skip to content