කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට පියවර ගැනේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (04) කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

චෙලකොස්ලෝවැකියානු රජයේ ත්‍යාගයක් ලෙස කන්තලේ සීනි කර්මාන්තශාලාව මෙරටට ලැබුනේ වර්ෂ 1960 දී ය.

එහෙත් වසර 30කට අධික කාලයක් එය පැවතුනේ අක්‍රීයවයි.

මේ තත්ත්වය නිරීක්ෂණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම මෙම කර්මාන්තශාලාව ලංකා ශුගර් පැලවත්ත සහ සෙවනගල සීනි කම්හල් වෙත පරවාගෙන නැවත ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් උපදෙස් ලබා දී තිබේ.

WhatsApp Group

Skip to content