කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදායින් ආරම්භවන පාර්ලිමේන්තු සතිය තුළදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

විශ්වාසභංග යෝජනාව පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබූ අතර විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 5 කට පසු එය විවාදයට ගැනීමේ හැකියාව පවතී.

පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 19 වනදා වන අතර, ඒ අනුව අදාළ සතිය තුළදී එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති බව ද වාර්තාවනවා.

කෙසේ වෙතත් ඊට අදාළ අවසන් තීරණය අනිද්දා හෝ ලබන 18 වනදා කැඳවන පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content