කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු විසින් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාට පසුගියදා භාරදෙනු ලැබුවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එම යෝජනාව විවාදයට ගන්නා දිනය ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content