මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන් වෙත ලැබී ඇති බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළා.

ඒ අනුව යෝජිත ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි කතා නායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

එමෙන්ම සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බව ද කතා නායකවරයා පැවසුවා.

WhatsApp Group

Skip to content