රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර තෙවන දිනටත් අද වීදි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර පසුගිය 19 වන දා ආරම්භ වුණා.

එය ජූලි මස 4 වන දා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර කතරගම පෙරහැරට සමගාමිව විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතරගම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව පොලිසිය පැවසුවා.

ඒ හේතුවෙන් විදේශිකයින්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.

මුහුදු තිරයේ සහ දිය නෑම් සිදුකරන ස්ථාන සදහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් 40 කට අධික පිරිසක් යොදවා තිබෙනවා.

එමෙන්ම පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපලවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content