බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පසුව කාන්තාව පළාගොස් ඇති බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජාපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක් වන පුද්ගලයෙක්.

මෙලෙස පළාගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content