මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී 50 හැවිරිදි කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී මීට මාස කිහිපයකට පෙර අභිරහස් ලෙස මියගොස් ඇත.

මෙම ඝාතනය මියගිය සැමියාගේ ඥාතියෙකු විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

 

WhatsApp Group

Skip to content