මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට කඩ පෙළක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එහිදී මාවනැල්ල පොලීසිය, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි පොලීසිය සදහන් කළේ.

ගින්නෙන් පලතුරු, රෙදිපිළි සහ ප්ලාස්ටික් භාණ්ඩ තිබූ කඩ රැසක් විනාශ වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content