යාපනය ප්‍රදේශයේදී කඩු පහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ යාපනය,නගරයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමකදී සැකකරුගේ නිවස තුළ තිබි අදාළ කඩු පහ සොයාගත් බවයි.
සැකකරු කිසියම් අපරාධ වෙනුවෙන් අදාළ කඩු යොදාගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කඩු යොදාගනිමින් විවිධ අපරාධ සිදුකරන කල්ලි කිහිපයක් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බැවින් අදාළ සැකකරු එවැනි කල්ලි සාමාජිකයෙකුද යන්න සම්බන්ධයෙන්ද විමසීම් කරන බවයි පොලිසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content