කඩුවෙල ප්‍රදේශයේ නාදුනන මළසිරුරක් ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.

මේ අනුව අනාවරණය වී ඇත්තේ මරණකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සැකකරුවන් සහ මරණකරු අතර පැවති ආරවුලක් හේතුවෙන් මරණකරු පැහැර ගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේදී පහර දී ඝාතනය කර ත්‍රිරෝද රථයකින් අදාළ ප්‍රදේශය වෙත රැගෙන විත් අතහැර දමා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගේ ප්‍රකාශ මත අනාවරණය වී ඇත්තේ මරණකරු ඝාතනය කිරීම සදහා මුගුරක් සහ වයරයක් භාවිත කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36, 46 සහ 47 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය මෙන්ම අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.

 

WhatsApp Group

Skip to content