තාවකාලිකව වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද උදෑසන විවෘත කර සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

කඩුවෙල අන්තර් හුවමාරු පිවිසුමේ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් නැවත මෙම පිවිසුම් විවෘත කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ගය භාවිත කළ හැකි බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content