බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ නැවත කොළඹට පැමිණ තිබෙනවා.

කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාලයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන මෙම ගුවන් යානය ඊයේ දින රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත්ව ගොස් තිබුණා.

එහෙත් මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බව , තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම නිසා , ගුවන් නියමුවා විසින් මෙම ගුවන් යානය , පැය 02 යි විනාඩි 25 ක ගුවන් ගැනීමකින් අනතුරුව , ඊයේ රාත්‍රී 10.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් බැස්සවීමටයි පියවර ගෙන තිබුණේ.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙකු සිට ඇති බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළා.

එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට පියවර ගත් බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content