කටුනායක ගුවන්තොටුපොළ සඳහා නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බවයි.

දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ වසරේ දෙසැම්බර් මස 31 වෙනි දාට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් සඳහා දේශීය ඉදිකිරීම් සමාගමක් තෝරා ගෙන තිබෙනවා.

ඉදිකිරීම් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 2.5ක්

WhatsApp Group

Skip to content