ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි ලීගයේ ඒ කාණ්ඩයේ සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් වුණා.

පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 34ට 17 ක් ලෙස ජය වාර්තා කරමින් ශාන්ත අන්තෝනි විදුහල සුපිරි වටයට සුදුසුකම් ලැබුවා.

මේ අතර එදිනම තවත් තරග කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

එහිදී කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය විසින් ලකුණු 29ට 16 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක පරාජය කිරීමටයි සමත් වුණේ.

පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 34ට 17 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරනු ලැබුවා.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී ශාන්ත පීතර විදුහල හමුවේ ලකුණු 66ට 10 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය පත් වුණා.

මේ අතර ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී විද්‍යා විදුහල විසින් ලකුණු 24ට 21 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමටයි සමත් වුණේ.

WhatsApp Group

Skip to content