කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද(03) ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය එළඹෙන සෙනසුරාදා දිනය දක්වා පැවැත්වෙනු ඇති.

යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය නාවික හමුදාවේ සහයෝගය ඇතිව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාව එක්ව සංවිධාන කරනු ලබනවා.

මෙවර ඉන්දීය බැතිමතුන් දහසක පමණ පිරිසක් කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කළා.

WhatsApp Group

Skip to content