ඖෂධීය වගාවක් ලෙස කංසා වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාව අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගා කිරීම නීතිගත කිරීමට නියමිතයි.

ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් මෙම අපනයනය සිදු කරන බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන්නේ

WhatsApp Group

Skip to content