විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර මහතා ධුරයෙන් ඉවත් වන බවට සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, අර්බුදකාරී වාතාවරණයකදී තමන් භාරගත් අමාත්‍යාංශය මේ වන විට ශක්තිමත් මුල්‍ය තත්වයකින් යුතුව මෙන්ම ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීමට හැකි තත්වයකට පත් කළ බවටද ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම කිසිදු ගැටලුවකින් තොරව විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content