රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් එම පෙත්සම ගොනු කල බව සඳහන්.

මේ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබෙනවා.

සෙසේ වෙතත් අදාළ විර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

WhatsApp Group

Skip to content