රට තුළ පවතින ඖෂධ හිඟයට විසදුම් රැසක් ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කුමන ඖෂධ හිගයක් පැමිණිය ද ජනතාවගේ ජීවිතයට තර්ජනයක් නොවන මට්ටමින් සමනය කර ගැනීමට හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ වන විට ජීවිතාරක්ෂක ඖෂධ 14 ක් රටතුළ පවතින බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ.

එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධවල පවතින අඩුපාඩු මේ වන විට කළමනාකරණය කරමින් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

WhatsApp Group

Skip to content