සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60 ක මිල අද සිට සියයට 16 කින් අඩු කිරීමට නියමිතයි.

පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය මෙලෙස අද සිට ක්‍රියාත්මක වනු ඇති.

නව මිල සංශෝධනයට අනුව සියයට 16 ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළ යාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49 ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ බහාලුමක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270 යි ශත දෙකක් ලෙසයි.

ඇමොක්සිලින් ඇසිඩ් මිලිග්‍රෑම් 375 ක උපරිම සිල්ලර මිල රුපියල් 70 යි ශත 32ක් ලෙස එහි දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content