ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම මිල සංශෝධනය මේ මස 26 වැනිදා සිට බලාත්මක බවයි එහි දැක්වෙන්නේ.

නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යක බොතලයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270යි ශත දෙකක් ලෙසයි.

ඇමොක්සිලින් ඇසිඩ් මිලිග්‍රෑම් 375ක උපරිම සිල්ලර මිල රුපියල් 70යි ශත 32ක් ලෙස ද එහි දක්වා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content