සියයට 16 කින් හෙට සිට ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එමෙන්ම සෑම මාස 03 කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිතව ඇති බවයි ඔහු සඳහන් කලේ .

මේ අතර අමත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ බිඳවැටී ඇති රෝහල් වල තිබෙන රෝග පරීක්ෂක යන්ත්‍ර සකස් කිරීමට බිලියන 4ක් වෙන්කර ඇති බවයි .

ඒ අනුව ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යම් සුබවාදි බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ .

මේ අතර නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා .

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200 ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බවයි.

WhatsApp Group

Skip to content