ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් සිදු වූ සැක සහිත මරණ 11 ක් පිළිබද වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව අවධාරණය කළා.

එමෙන්ම දිවයින පුරා රෝහල්වල ඇති ප්‍රමිතියෙන් තොර ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-PREMADASA-EDIT-1-2.mp3?_=1

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ ලියාපදිංචි කර නොමැති ඖෂධ දිවයින පුරා බෙදාහැරෙමින් තිබෙන බවයි. එහිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/RAJITHA-SENARATHNA-EDIT-.mp3?_=2

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබද විශ්වාසය බිඳ දැමීමට ඇතැම් පිරිස් සංවිධානාත්මකව ප්‍රකාශ සිදු කරන බවයි. මෙය කුමන්ත්‍රණයක් බවද ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/KEHELIYA-RAMBUKAWALLA-EDIT-.mp3?_=3

 

WhatsApp Group

Skip to content