ඖෂධ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකරන චෝදනා පිළිබද සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

වෛද්‍යවරුන් පස් දෙනෙකෙුගෙන් සමන්විත කමිටුවක් ඒ සදහා පත් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ අනුව අදාළ කමිටුව මගින් කඩිනම් පියවර ගැනීම සදහා නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවයි කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.

මේ අතර ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බව, සමගි ජන බලවේගය පවසනවා..

එහි සහකාර ලේකම් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහය ලබා ගැනීම සඳහා සාකච්ජා ආරම්භ කරන බවයි.

මේ අතර ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රි නලීන් හේවගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අදහස් පලකලා.

https://www.vnews.lk/storage/2023/07/NALIN-CHANDIMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content