දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක ඕස්ටේ‍රලියානු කණ්ඩායම කඩුළු 03ක ජයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 225ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ටෙම්බා බවුමා නොදැවී ලකුණු 114ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ජොස් හේසල්වුඩ් ලකුණු 41ට කඩුළු 3ක් සහ මාකර්ස් ස්ටොයිනීස් ලකුණු 20ට කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 2ක් අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 225ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

එහිදී ඕස්ටේ‍රලියාව ජයග්‍රහණය කරා ගෙන යමින් මානස් ලබුශේන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.

WhatsApp Group

Skip to content