ඕස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස් වන හා අවසන් දිනය (26) අදයි.

සිව් වන දිනය සදහා තරගය නතර කරන විට ලකුණු 268 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 116 ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 152 ක් රැස්කර ගත යුතු වන අතර ඕස්ටේ්‍රලියාවට තරගය ජයග්‍රහණය කිරීමට නම් අද දිනයේ කඩුලු 5 ක් දවා ගත යුතුව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content