ඔස්ටේ්‍රලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය නැවත කල් දමා තිබෙනවා.

තරග 3 කින් සමන්විත අදාළ 20 යි 20 ක්‍රිකට් තරගාවලිය මෙලෙස කල්දැමීමට හේතු වී ඇත්තේ තලෙයිබාන් පාලනය යටතේ එරට කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ මානව හිමිකම් පිරිහීම හේතු කරගෙන බවයි ක්‍රීඩා වාර්තා සදහන් කළේ.

මේ අනුව 3 වන වරටත් කල්දමා ඇති මෙම තරගාවලිය මීට පෙර 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී සහ එම වසරේම නොවැම්බර් මාසයේදී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

WhatsApp Group

Skip to content