සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

අධිකරණය නියෝග කර ඇත්තේ 2015 සිට 2018 වසර දක්වා කැන්බරාහි සේවය කළ ඇය, සිය සේවිකාවවන ප්‍රියංකා ධනරත්න හට ගෙවිය යුතු අවම වැටුප වංචා කර ඇති බවයි.
ඒ අනුව ඩොලර් පන්ලක්ෂ හතළිස් අටදහසක දඩයක් ගෙවන ලෙසි අධිකටනය නියෝග කර ඇත්තේ.

මෙම වසර 03ක කාලය සඳහා සිය ගෘහසේවිකාවට ගෙවා ඇත්තේ ඩොලර් 11,200ක් පමණක් බවත්, එය පැයට ඩොලර් ශත හැත්තෑපහක් බවත්, අධිකරණය ප්‍රකාශ කළා.

අදාළ ගෘහසේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබාගනිමින් ඇයට නිවසින් තනිව පිටතට යාමට හෝ අවස්ථාව ලබාදී නොමැති බවයි අධිකරණයට අනාවරණය වී ඇත්තේ.

WhatsApp Group

Skip to content