සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්‍රලියාව අද සමත් වුණා.

දිනය ආරම්භයේදී ලකුණු 76 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 78 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 109 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස් කළා.

අනතුරුව සිය දෙවනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 163 ක් පමණයි. ඒ අනුවයි ඕස්ට්‍රේලියාවට තරගය ජයග්‍රහනය කිරීම සදහා ලකුණු 76 ක ඉල්ක්කයක් හිමි වුණේ.

WhatsApp Group

Skip to content