අඛණ්ඩව 7 වැනි වරටත් කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම පරදා ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින්.

කේප් ටවුන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතීම ද තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

WhatsApp Group

Skip to content