දකුණු අප්‍රිකානු ් කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.

ඒ, එළැඹෙන නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට එක්කිරීම සඳහායි.

ඒ අනුව, නිමාවට පත්වූ එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක්වීමට නියමිතයි.

මේ අතර, එංගලන්තයේදී කඩුලු රකිමින් සිටියදී පිටකොන්දේ ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම කඩුලු රැකීම සඳහා සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content