ඕමාන් රාජකීය පොලිසිය විසින් මිනිස් වෙළදාම පිළිබදව පැමිණිලි කිරීම සදහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ සඳහා සිංහල භාෂාවෙන්ද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඕමාන් රාජ්‍යයේ ගැටකාරි තත්ත්වයකට පත්ව සිටින පුද්ගලයින්ට ඒ සඳහා වන පැමිණිලි ඕමාන් රාජකීය පොලිසියට සෘජුව ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව හිමි වනවා.

ඒ සදහා ඕමාන් රාජ්‍යයේ වෙබ් අඩවියක් වන  www.nccht.com   යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම දුරකථනය අංකය ලබාගත හැකියි.

WhatsApp Group

Skip to content