ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කිරීමට බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳ සහ සහායිකාව බොහෝ කාලයක සිට සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහායිකාව හෙදියක වන අතර ඇය මීට මාස 2කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද සඳහන්.

සිය සැමියා ඝාතනය කිරීමේ අරමුණ ඇතිව ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ මෙම සහායිකාව මෙරටට ගෙන්වා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණි මෙම බ්‍රසීල ජාතික කාන්තාව ඕනේෂ් මහතා සහ බිරිද නවාතැන්ගෙන සිටි වෝඩ් පෙදෙසෙහි මහල් නිවාසයක නවාතැන් ගෙන ඇති බවද වාර්තා වනවා.

මේ අනුව පොලිස් පරීක්ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේදී මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට ඔහුගේ බිරිඳ සහ සහායිකාව සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේදී ඝාතනය කර බ්‍රසීලයට පළා යෑම අපහසු වීම හේතුවෙන් විදේශ රටකට රැගෙන ගොස් ඝාතනය කිරීම පහසු වනු ඇති බවට කාන්තාවන් දෙදෙනා සැලසුම් කර ඇති බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා මොවුන් සැලසුම් කර ඇත්තේ ඒ අනුව බවද සඳහන්.

එරට පොලිසියද ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පු`ඵල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විටත් අනාවරණය වී ඇත්තේ ඕනේෂ් සුභසිංහ මහතා අභිරහස් ලෙස ඝාතනය කොට ඔහුගේ බිරිඳ සහ සහායිකාව සිව් හැවිරිදි දියණිය ද සමඟ සිය මව්රටට පලාගොස් ඇති බවයි.

WhatsApp Group

Skip to content