වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් කුමන හෝ ආණ්ඩුවක ඇමැති ධූර දරා තිබෙන බවත් මේ නිසා හැත්තෑ හය වසරක ශාපය සම්බන්ධයෙන් අනෙකට චෝදනා කර තමන් සුදනා වීමට කිසිවෙකුටත් නොහැකි බවත් දෙවන පරපුර නායක උවිදු විජේවීර මහතා පවසයි.

ආණ්ඩු පිහිටු වූ මෙන්ම ආණ්ඩු පිහිටු වීමට දායක වූ පක්ෂ නායකයින් අද නව දේශපාලන බලවේග ගොඩ නගන්නට උත්සහ කරන බව ද ඒ මහතා කීය.

එට්කා ගිවිසුමල දහතුන බලාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මහජන අත්සන් ලබා ගැනීම වෙනුවෙන්  මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ දී පැවැති වැඩසටහනට එක් වෙමින් උවිදු විජේවීර මහතා මෙසේද පැවසුවේය.

එට්කා ගිවිසුමල දහතුන බලාත්මක කිරීමල රටේ සම්පත් විදේශ රටවලට විකිණීම හා අහිතකර අණපනත් වලට එරෙහිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවාග දෙවන පරපුර එයට අනුග්‍රහයක් දක්වමින්
ලංකාව පුරා පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදු කරනවා

WhatsApp Group

Skip to content